පෙම්වතියගේ සිරුර ගෙවත්තේ වළ දැමූ පෙම්වතෙකු.

සිය පෙම්වතියගේ සිරුර ගෙවත්තේ වළ දැමූ පෙම්වතෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

මැදවච්චිය – කනදරාව ප්‍රදේශයේ පදිංචිව සිට මියගිය කාන්තාව අතුරුදහන් බවට ඇයගේ සොහොයුරිය සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශණවලින් පසු සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

පසුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී මෙම කාන්තාව සිය ගෙවත්තේ වළ දැමූ බවට ප්‍රකාශ කර තිබේ.

Exit mobile version