සුඛෝපභෝගී බස් රථයක් ගිනි ගනීයි.

ඊයේ (29) රාත්‍රී 10 .30 ට පමණ යාපනයේ සිට කොළඹ බලා ධාවනය ආරම්භ කර තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද (30) අලුයම මදුරන්කුලිය – කරිකට්ටිය ප්‍රදේශයේ දී ගිනිගෙන විනාශ වී තිබෙන බව වාර්තා වේ.

බස් රථය ගිනි ගන්නා අවස්ථාවේ දී එහි සියලු ආසනවල මගීන් සිට ඇති නමුත් ඔවුන්ට කිසිදු හානියක් සිදු වී නොමැති බව සඳහන් වේ.

එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ පුත්තලම නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ පාලවිය ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න පාලනය කර තිබේ.

ගිනි නිවා පාලනය කරන විටත් බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන අවසන් බව සඳහන් වේ.ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එම බස් රථයේ සිටි මගීන් වෙනත් බස් රථයක් මඟින් කොළඹ දක්වා ගමන් කරවීමට කටයුතු යොදා තිබෙන බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මදුරන්කුලිය පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Exit mobile version