අගෝස්තු මස පළමුවනදා සිට ගල්කිස්ස සහ කන්කසන්තුරේ අතර වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව සෑම සතියකම කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා දිනපතා ධාවනය කෙරෙන දුම්රිය සේවාවන්ට අමතරව මෙම දුම්රිය සේවාව එක් කරන බවත් , එය ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 10.00 ට පිටත් වන බවත් , එහි ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 400 ක් බවත් සඳහන් වේ.













































