පිරිමින්ට උපත් පාලන එන්නතක්.

ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය විසින් එන්නතක් ලෙස ලබාදිය හැකි ලොව ප්‍රථම පිරිමි උපත් පාලන ක්‍රමයේ සායනික අත්හදා බැලීම් සම්පූර්ණ කර ඇති බව වාර්තා වේ.

එය බරපතල අතුරු ආබාධයක් නොමැතිව ඉහළ කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

වයස අවුරුදු 25 ත් 40 අතර පුද්ගලයින් 303 දෙනෙකු සම්බන්ධ කර ගෙන මධ්‍යස්ථාන 5කදී අදාළ පර්යේෂණය සිදු කර ඇති බව සඳහන්.

Exit mobile version