නුවරඑළිය නගරයේ සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
නුවරඑළිය බස් නැවතුම්පොළේ බස් රථ සඳහා මගීන් යොමු කරන පුද්ගලයෙකු සහ පදික වේදිකාවේ පළතුරු වෙළදාම් සිදු කරන වෙළෙන්දෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පළතුරු වෙළෙන්දා විසින් අනෙක් පුද්ගලයාට පියකින් ඇන ඇති අතර පිහි ඇනුමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර තිබේ. පිහි ඇනුමෙන් අනතුරුව වෙළෙන්දා පොලිසියට භාර වී ඇති අතර එහිදී සැකකරුව අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.
මෙලෙස පිහි ඇනුම සිදු කර ඇත්තේ නුවරඑළිය , ශාන්තිපුර , කලාපුර ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර තුවාලකරු නුවරඑළිය , බඹරකැලේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකි.
තුවාලකරුගේ තත්ත්වය බරපතළ නොවන බවද වාර්තා වේ.
