කළමණාකරුවෙකුට තර්ජනය කළ අයෙක් මට්ටු කරයි.

රජයේ බැංකුවක කළමණාකාරවරයෙකුට තර්ජනය කළ අයෙක් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය විසින් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරි බව වාර්තා වේ.

අදාළ සැකකරු පසුගිය 22 වෙනිදා බගවන්තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකින් ඔහුගේ මිතුරෙකුගේ ගිණුමක ඉතිරි වී ඇති ශේෂය විමසූ අවස්ථාවේ දී එම තොරතුරු ලබා දීම මුදල් අයකැමි විසින් ප්‍රතික්ෂේප කර තිබේ.එම අවස්ථාවේ දී අදාළ සැකකරු මුදල් අයකැමි සහ කළමණාකාරවරයා සමඟ බහින් බස් වීමක් ඇති කරගෙන තිබේ.

අනතුරුව බැංකු කළමණාකාරවරයා විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව අදාළ සැකකරු බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.පසුව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි කොන්දේසි මත සැකකරුව  මුදා හැරි බව සඳහන් වේ.

මෙලෙස ඇප කොන්දේසි මත මුදාහැර ඇත්තේ බගවන්තලාව , කර්කස්වොල් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.

Exit mobile version