අයිස් තොගයක් සමඟ අයෙක් මාට්ටු.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (02) උදෑසන මීගමුව පොලිස් වසමේ පල්ලන්චේන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 46 මිලිග්‍රෑම් 300 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .

සැකකරු පල්ලනචේන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක් වන අතර ඔහුව අද (03) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .

වැඩි දුර විමර්ශන කටයුතු මීගමුව පොලිසිය විසින් සිදු කරනු ලබයි .

Exit mobile version