දියමන්ති තොගයක් සමග පුද්ගලයෙකු මාට්ටු.

මුම්බායි ගුවන් තොටුපලේදී ඉන්දීය ජාතිකයෙකු ඉන්දීය රුපියල් කෝටි එක හමාරකට ආසන්න දියමන්ති තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

විදෙස් වාර්තා සදහන් කළේ ඩුබායි බලා යෑමට පැමිණි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු තේ කොළ පාර්සලයක් තුළ මෙම දියමන්ති තොගය සගවාගෙන පැමිණ ඇති අතර ,ඒ සම්බන්ධයෙන් සැක සිතූ රේගු නිලධාරින් එම,පාර්සලය පරීක්ෂා කර තිබුණි.

Exit mobile version