නීතිවිරෝධී සිගරට් තොගයක් සමඟ අයෙක් දැලේ.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල ප්‍රදේශයේ දී නීතිවිරෝධී ලෙස තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද සිගරට් පැකට් 40 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙන බව වාර්තා වේ .

සැකකරු නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙක් වන අතර මොහුව අද (09) ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.

වැඩි දුර විමර්ශන කටයුතු ගල්කිස්ස පොලීසිය විසින් සිදු කරනු ලබයි .

Exit mobile version