හෙරෝයින් සමඟ අයෙක් මාට්ටු.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකින් ඊයේ (04) සවස ගල්කිස්ස ප්‍රදේශයේ දී හෙරෝයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 300 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

සැකකරු මොරටුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙකි.

මොහුව අද (05) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ .

Exit mobile version