පිරිමි දරුවෙක්ට හදි කළ චීවරධාරියෙකු අත්අඩංගුවට .

වයස අවුරුදු 13ක පිරිමි දරුවකුට ලිංගික අතවර කළ බව කියන චීවරධාරියෙකු ඇහැටුවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෝගස්වැව ප්‍රදේශයේ රජමහා විහාරයක වැඩ වාසය කරමින් සිටි චීවරධාරියෙකි.

සැකකාර චීවරධාරියා වැඩ වාසය කරන විහාරස්ථානයේ සිටින පිරිමි දරුවකු බරපතළ ලෙස ලිංගික අතවරයන්ට මුහුණ දෙන බවට ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට තොරතුරක් ලැබී ඇති අතර
එම තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ළමා ආරක්ෂණ අධිකාරිය ඇහැටුවැව පොලීසියට දැනුම් දී තිබේ .

ඒ අනුව ඇහැටුවැව පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව සැකකාර චීවරධාරියාව අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට පත් දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

Exit mobile version