වයෝවෘද්ධ මාතාවකට ලිංගික අතවර කිරීමට තැත් කළ අයෙක්.

51 හැවිරිදි බීමත් පුද්ගලයකු විසින් වයස අවුරුදු 75ක පමණ වයෝවෘද්ධ මාතාවකට ඊයේ (09) රාත්‍රියේ ලිංගික අතවරයක් සිදු කිරීමට තැත් කළ බවට වාර්තා වේ.

සැකකරු අධික ලෙස බීමත්ව සිට කතා කිරීමේ අපහසුතාවයකින් පෙළෙන වයෝවෘද්ධ මාතාවට හිරිහැර කිරීමට සැරසෙද්දී අසල්වාසින් පිරිසක් දැක ඇති අතර එහිදී මෙම සැකකරු මව අතහැර පළාගොස් ඇති අතර මව මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව සදහන්.

සිද්ධිය සැලවීමත් සමගම කන්දකැටිය පොලිසියේ නිලධාරින් පිරිසක් පැමිණි ඇති නමුත් සැකකරු පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා කන්දකැටිය පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබයි.

Exit mobile version