මට්ටක්කුලිය පුද්ගල ඝාතනයක්

මට්ටක්කුලිය ,කැළණි ගග මෝල පාරේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙන බවට වාර්තා වේ.

ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයෙකුට ඊයේ (30) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහර දී පලාගොස් තිබේ.

පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ 39 හැවිරිදි පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

පුද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති අතර ඝාතනය සදහා පැමිණි පුද්ගලයන් හදුනාගෙන ඇති අතර ,ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Exit mobile version