සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් 2278/02 දරණ ගැසට් නිවේදනයට අනුව සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල ගණන් වන්නේ, කීරි සම්බා රු.260/-, සම්බා රු.230/-, නාඩු රු.220/-, රතු කැකුලු රු.210/- ක් ලෙස දක්වා ඇත.
ඒ අනුව සහල් අලෙවි කිරිමේදී ඉහත මිල ගණන් වලට සහල් අලෙවි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙළඳුන් වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
වැඩි මිලට සහල් අලෙවි කිරිම සම්බන්ධව නඩු පැවරීමකදී තනි පුද්ගල ව්‍යාපාරයකට අවමය රුපියල් ලක්ෂයේ සිට උපරිමය රුපියල් ලක්ෂ 5 දක්වා දඩ මුදලක්ද, පුද්ගලික සමාගමක් සඳහා අවමය රුපියල් ලක්ෂ 5 යේ සිට රුපියල් මිලියන 5 දක්වා දඩ මුදලක් ද ගරු අධිකරණය මගින් නියම කළ හැකි බව සඳහන්.
සහල් වැඩි මිලට අලෙවි කිරිම සම්බන්ධව දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරනු ලබන බවත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව සහල් වැඩි මිලට අලෙවි කරන වෙළඳසලක් වේ නම් ඒ සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත තොරතුරු ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි.
