අද (25) දින, සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පාර්ලිමේන්තුව තුලදී ප්‍රශ්න කරමින් අසා ඇත්තේ “හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් මරා මස් කර විකුණන ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇති අතර ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් පරීක්ෂණයක් පවත්වන්නේ දැයි” යනුවෙනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් මෙසේ ප්‍රශ්න කර ඇත්තේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමින් බවයි සදහන් වන්නේ.
තවදුරටත් එපිලිබදව සදහන් කරමින් මන්ත්‍රී වරයා පවසා ඇත්තේ
එම උද්‍යානයේ සේවයේ නියුතු පශු වෛද්‍යවරයෙකුගේ හඬපටයක් සමාජ මාධ්‍යට නිකුත් කර තිබු බවත් උද්‍යානය තුළ සතුන් මරා මස් කර විකුණනවා, උද්‍යානය ඇතුළේ සිදු නොවිය යුතු කටයුතු සිදුවෙනවා කියල, හිටපු වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරියක් ප්‍රකාශයක් මීට කලින් කරලා තිබෙන බවත් එම උද්‍යානය බරපතළ ප්‍රශ්න ගණනාවක් මතු වෙලා තිබෙනවා ඔබතුමා මේ ගැන පරීක්ෂණයක් කරනවාද යනුවන් නැගු ප්‍රශ්නයකට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ඒ ගැන සොයා බලන්නම් යැයි පවසා තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කර ඇත්තේ මේම කාරනාව ඔහුට අදාළ කාරණයක් නොවන බවත් වනජීවී භාර ඇමැතිතුමියට අයිති කාරණයක් බවත්ය. ඔහු සදහන් කර ඇත්තේ එතුමිය මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා කමිටුවක් පත් කර ඇති බවත් ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කර ඇති බවයි.
චායාරූප අන්තර්ජාලයෙන්
