G 20 සමුළුවට සමගාමිව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයින්ඩින් සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් ඊයේ (08) සිදු කර තිබෙන බව වාර්තා වේ.
G 20 සමුළුව ඉන්දියාවේ නව දිල්ලි නුවර අද (09) සහ හෙට (10) යන දෙදින පැවැත්වෙන අතර මෙම සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගි නොවන බව සඳහන්.
මෙම සමුළුව වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර නව දිල්ලි නුවරට ජනතාව ඇතුළු වීමද සීමා කර තිබේ.
