රුවන් විජේවර්ධන සහ ප්‍රංශ තානාපති අතර හමුවක්.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එච්.ඊ.ජීන් ෆ්‍රැන්සුවා මහතා අතර හමුවක් අද (18) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු බව වාර්තා වේ .

මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගා සිටුවීමට ප්‍රංශයේ සහාය ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන් .

එමෙන්ම බලශක්තිය, නාගරික සංවර්ධනය, කෘෂිකර්මය සහ පුනර්ජනනීය බලශක්තිය වැනි ක්ෂේත්‍ර සඳහා ප්‍රංශයේ දායකත්වය මෙන්ම සැපයුම්, ඩිජිටල් තාක්‍ෂණය වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් උපකාර කිරීම සඳහා ප්‍රංශයට කළ හැකි දෑ සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති අතර දෙරට අතර සබඳතා වැඩිදියුණු කර ගැනීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබේ .

Exit mobile version