බ්‍රිතාන්‍ය සංචාරයේ නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙන බව වාර්තා වේ.
මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව සහ දේශගුණික විපර්‍යාසවලට මුහුණදීම සඳහා රජයේ උපාය මාර්ග , ප්‍රයත්නයන් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට සහය දැක්විය හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කළ බව සඳහන් වේ.
