මන්ත්‍රීවරයෙකු දියේ ගිලී මරුට.

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇලකට වැටී දියේ ගිලී මියගොස් සිටියදී අද හමුව ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ වලල්ලාවිට බෝපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයි. ඒ. වීරසිරි නැමැති 70 හැවිරිදි පුද්ගලයෙකි.

මියගොස් ඇති හිටපු මන්ත්‍රීවරයා වැලිපැන්න ඌරගොඩ ප්‍රදේශයේ  නිවසකට ගොස් සිටියදී අනතුරට ලක්ව ඇති බවත්, ඔහු අතුරුදන් බවට ඊයේ  පැමිණිල්ලක් ලැබී බවත් පොලීසිය පවසයි.

මියගොස් ඇති තැනැත්තා නිවසේ පෙනෙන්නට නොසිටි බැවින්, වැඩ්දුරටත් සොයාබැලීමේදී ඒ අසල පිහිටි ඇළක තිබී මළසිරුර සොයාගත් බවද පොලීසිය පවසයි.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබූ බව සදහන්.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වැලිපැන්න පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Exit mobile version