උපයන විට ගෙවීමේ බදු ප්‍රතිපත්ති සංශෝධනය කරන ලෙස ඉල්ලා වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව අද (20) ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙරට කාර්යාලයට සංදේශයක් භාර දුන් බව වාර්තා වේ .
වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ මෙරට ක්‍රියාත්මක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනේ පළමු සමාලෝචනය සඳහා දිවයිනට පැමිණ සිටින නියෝජිත කණ්ඩායමේ අවධානය සඳහා අදාළ සංදේශය භාරදුන් බවයි.
එමෙන්ම IMF පළමු සමාලෝචනයේදී අදාළ උපයන විට ගෙවීමේ බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවධානය යොමු නොවුනහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹෙන වන බවත් ඔවුන් ප්‍රකාශ කරන ලදී.