ඝානාවේ නැගෙනහිර කලාපයේ බිරිම් නෝර්ත් දිස්ත්‍රික්කයේ පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තවත් 17 දෙනෙකු සිරවී සිටින බවත් පතල් කම්කරුවන් දෙදෙනෙකු පමණක් මේ වන විට බේරා ගැනීමට හැකිවූ බව සදහන්.
මෙම පතල කඩා වැටීමට හේතුව ඇදහැලෙන අධික වර්ෂාපතනය වන්නට ඇතැයි සැක පළ කරන අතර මේ සිදුවීම සම්බන්ධයෙන් බලධාරීන් තවම අදහස් දක්වා නොමැති බව සදහන්.
