යුක්‍රේනයේ නේවාසික ගොඩනැගිල්ලකට මිසයිල ප්‍රහාරයක්.

යුක්‍රේනයේ නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් 65 දෙනෙකු පමණ තුවාල ලබා 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

එමෙන්ම මියගිය පිරිස අතර 10 හැවිරිදි දැරියක් සහ ඇයගේ 45 හැවිරිදි මව ද වන බව සඳහන් වේ.

රුසියාවේ මොස්කව් වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ .

Exit mobile version