සතුන්ට ඇටවූ විදුලි රැහැනේ මවක් ගැටෙයි.

සතුන් මැරීම සඳහා අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටී විදුලි සැර වැදීමෙන් මවක් ජීවිතක්ෂයට පත්ව පුත්‍රයා සහ දියණිය තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නාගොල්ලාගම , තිඹිරිවැව ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකි.

මෙලෙස අනවසරයෙන් විදුලි රැහැන් ඇද තිබූ 56 හැවිරිදි ඉඩම් හිමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද (31) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version