ඌව පරණගම වැලිඋල්ල,කිරිඔරුව ප්‍රදේශයේ කාන්තාවක් මෙලෙස විදුලි සැර වැදී මියගොස් තිබෙන බවට වාර්තා වේ.
ඊයේ (24) උදෑසන 6 ට පමණ මෙම කාන්තාව ඇයට අයත් තේ වත්තක දළු නෙළීම සදහා ගොස් ඊයේ හවස් වන විටත් නිවසට නොපැමිණීම නිසා නිවැසියන් සිය මව සොයා ගොස් ඇති අතර එහිදී කිසියම් පුද්ගලයකු සතුන් දඩයම් කිරීම සදහා අටවන ලද විදුලි රැහැනක පැටලී මියගොස් සිටියදී අදාළ කාන්තාව සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදු කර මෘත ශරීරය වැඩිපුර පරීක්ෂණ සදහා ඌව පරණගම ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් තිබේ.
