වව්නියාව , පරයනාලන්කුලම් , නිලියාමොටෙයි ප්‍රදේශයේ නිවසක් තුළ අද (13) අලුයම කාන්තාවක් වෙඩි තබා ඝාතනය කර අනතුරුව වෙඩික්කරු ද අද උදෑසන නිලියාමොටෙයි කෝවිල අසළ දී වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙලෙස ඝාතනය කළ කාන්තාව 26 හැවිරිදි එක්දරු මවක් වන අතර සැකකරු 24 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි අයෙක් බව වාර්තා වේ.
මෙම එක්දරු කාන්තාව විවාහ වී සිය සැමියා සහ දරුවා සමඟ නිලියාමොටෙයි ප්‍රදේශයේ පදිංචි වී ඇති අතර මෙම කාන්තාව අදාළ සැකකරු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති බව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව වාර්තා කරයි.
