දෙදරු මවක් ඝාතනය කරලා.

ස්වාමි පුරුෂයා විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ඊයේ (02) උදෑසන වැල්ලව, මරළුවාව ප්‍රදේශයේදී එම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ, කුරුණෑගල, මරළුවාව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි දෙදරු මවකි.

මරණකාරිය තම දරුවන් දෙදෙනා සමඟ නිවසේ පදිංචිව සිට ඇති අතර ඇයගේ ස්වාමි පුරුෂයා විදේශගතව සිට දින 02කට පෙර නිවසට පැමිණ තිබේ.

දෙදෙනා අතර ඇතිවූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ස්වාමිපුරුෂයා විසින් බිරිඳට පිහියෙන් ඇන ඇති බවට පොලීසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ සැකකරු කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇත්අඩංගුවට ගෙන, පසුව අධිකරණය මඟින් බන්ධනාගාර අධිකාරිය භාරයට පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version