තංගල්ල ප්‍රදේශයේ එක් දිනක් වයසැති බිළිඳියක් ඌරුබොක්ක ප්‍රදේශයේ යුවළකට දරුකමට හදාවඩා ගැනීම සඳහා විකිණූ 21 හැවිරිදි මවක් ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙසේ දරුවා දරුකමට හදාවඩා ගැනීම සඳහා විකුණූ යුවළගෙන් මෙම මව නැවත තම දරුවා ලබා දෙන ලෙස ඉල්ලුව ද එම යුවළ මෙම මවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. පසුව මව විසින් අදාළ යුවළට එරෙහිව පොලීසියේ පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ බව සඳහන්.පොලීසිය විසින් අදාළ යුවළ අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සිඳු කළ වැඩි දුර විමර්ශන කටයුතුවලදී අනාවරණය වී ඇත්තේ බිළිඳියගේ පියා තම බිරිඳ ගැබිණියක්ව සිටින කාලය අතරතුර හැර ගොස් ඇති බවයි. බිළිඳිය පිළිසිදගෙන මාස පහක පමණ කාලයක පටන් සායනවලට යාමට සහ අනෙකුත් පරීක්ෂණ කටයුතු සඳහා සියලු වියදම් අදාළ යුවළ විසින් දරා ඇති අතර දරු ප්‍රසූතිය සඳහාත් මාතර පෞද්ගලික රොහලක් වෙත ඇතුළත් කිරීමට ද මෙම අදාළ යුවළ කටයුතු කර තිබෙන බව පොලිස් මූලික විමර්ශනවලින් අනාවරණය වූ බව වාර්තා වේ.
බිළිඳියගේ පියා හැර යාම නිසා බිළිඳිය හදාවඩා ගැනීමට නොහැකි යැයි කියමින් එම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව දැනුවත් කර අදාළ යුවළ වෙත දරුවා ලබා දුන් බව සඳහන්.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් බිළිඳිය විකුණූ මව ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඌරුබොක්ක පොලීසිය ප්‍රකාශ කර තිබේ.
