නේපාලයේ ලුම්බිණි සිට කොළඹට යතුරුපැදි සංදර්ශනයක්.

නේපාලයේ ලුම්බිණි සිට කොළඹ දක්වා සංදර්ශනාත්මක යතුරුපැදි සවාරියක් ලබන වසරේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව නේපාලයේ ලුම්බිණි , ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දක්වා “ බුදුන් වැඩි මග “ යන තේමාව යටතේ මෙම යතුරුපැදි සවාරිය පැවැත්වෙන බවත් , ඒ සඳහා දෙරටේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 15 දෙනෙකු සහභාගී වීමට නියමිත බවත්  ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළදී ද තරුණ තරුණියන් 100 ක් පමණ මෙම යතුරුපැදි සවාරියට එක්වීමට නියමිතව තිබේ.

එම අමාත්‍යාංශය සඳහන් කළේ ලුම්බිණියෙන් ආරම්භ වන මෙම සවාරිය ඉන්දියාවේ කුසිනාරා , සාරානාත් , වෛශාලී , නාලන්දා , බුද්ධගයාව , රාජ්ගිරි , කල්කටා සහ තවත් නගර කිහිපයක් ඔස්සේ චෙන්නායි නගරයට පැමිණ අනතුරුව ඉන්දීය – ශ්‍රී ලංකා නාවික හමුදා සහය ඇතිව ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

ඉන් පසු යාපනය , මිහින්තලය , අනුරාධපුරය , මාතලේ , මහනුවර , මහියංගනය , කතරගම , මාතර , ගාල්ල පසුකරමින් කැළණිය සහ කොළඹට පැමිණීමට නියමිතව තිබේ.

Exit mobile version