අද (21) සවස 2.30 ට පමණ කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී යතුරුපැදියක් සම්පූර්ණම ගිනිගෙන විනාශවී තිබෙන බව වාර්තා වේ .
එම අවස්ථාවේ දී එය දුටු අසල සිටි රථවාහන පොලීසියේ නිලධාරීන් කොළඹ මහනගර සභාවේ ගිනිනිවීම් ඒකකයට දැනුම්දී ඇති අතර අනතුරුව ගිනිනිවීමේ රථ දෙකක් එම ස්ථානයට පැමිණ තිබේ .
ඒ වනවිටත් යතුරුපැදිය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශවී තිබූ බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට යතුරුපැදිය කාර්මික දෝෂයට ලක්වී ඇති අතර එම අවස්ථාවේදී යතුරුපැදිය ගිනිගැනීමට ලක්වී තිබේ.
