තෙල්දෙණිය රෝහලේ ගැබිණි වාට්ටුවට පස් කන්දක් කඩා වැටිලා.

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් තෙල්දෙණිය මුලික රෝහලේ ගැබිණි වාටිටුවට ඉහලින් පිහිටි පස් කන්දක කොටසක් වාට්ටු ගොඩනැගිල්ලට කඩා වැටී ඇති බව වාර්තා වේ .

ඒ අනුව රෝහල් වාටිටුවෙි නේවාසිකව පුතිකාර ලබමින් සිටි ගැබිණි මවුවරුන් විසිදෙනෙකු පමණ ඔවුන්ගේ ආරක්ෂාව පතා මහනුවර ජාතික රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ .

ගැබිණි මව්වරුන්ගේ අරක්ෂාව පිළිබඳව අවධානය යොමු කර මේ වන විට එම ගැබිණි වාට්ටුව තාවකාලිකව වසා දැමා ඇති බව සඳහන් .

මේ සම්බන්ධයෙන් රෝහල් කාර්‍යමණ්ඩලයේ ප්‍රකාශකයෙන් සඳහන් කර ඇත්තේ පවතින අනතුරුදායක තත්ත්වය යටතේ රාතීු කාලයට අධික වර්ෂාව ඇතිවුවහොත් රෝහල් භුමියේ ඉහළ කොටසේ පස් කන්ද කඩා වැටීමෙි අනතුරුදායක තත්ත්වයක පවතින බවයි .

Exit mobile version