අනවසරයෙන් මෙරටට ආ බහුදින යාත්‍රාවක් නාවික හමුදා භාරයට .

මෙරට මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රාවක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

නැගෙනහිර විධානය මගින් අද (07) අළුයම් කාලයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවට නාවික හමුදාව ප්‍රකාශ කර තිබේ.

එම යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයන් දස දෙනා සහ යාත්‍රාව ත්‍රිකුණාමලය වරායට රැගෙනවිත් ඇති අතර නීතිමය කටයුතු සදහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාරදීමට පියවර ගෙන ඇති බව සදහන්.

Exit mobile version