මනුෂ්‍ය ඝාතනයක් .

නුවරඑළිය පොලිස් වසමේ විජිතපුර ප්‍රදේශයේ දී ඊයේ (23) රාත්‍රියේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කර ඇති බව වාර්තා වේ.

සැමියා සහ බිරිඳ අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන්, බිරිඳ විසින් සැමියාට තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බව වාර්තා වේ.

මරණකරු වයස අවුරුදු 33ක විජිතපුර, මාගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු අධික ලෙස බීමත් ව නිවසේ සිට ඇති අතර, බිරිඳ රැකියාව නිම වී රාත්‍රියේ නිවසට පැමිණීමෙන් පසු දෙදෙනා අතර බහින්බස් වීමක් සිදු වී ඇති බව වාර්තා වේ.

එහි දී මරණකරු බිරිඳට පහර දී ඇති අතර, පසු ව බිරිඳ විසින් ඔහුට තියුණු ආයුධයකින් පහර දී තිබේ.

මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ තබා ඇති බවත් මහේස්ත්‍රාත් හා මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව සඳහන්.

වයස අවුරුදු 32ක සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Exit mobile version