කළුතර මනුෂ්‍ය ඝාතනයක්.

ඊයේ (08) රාත්‍රියේ කළුතර, සේරුපිට ප්‍රදේශයේ දී තියුණූ ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබෙන බව වාර්තා වේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර , සේරුපිට , කොළඹගේ වත්ත ප්‍රදේශයේ පදිංචි ව සිටි 61 හැවිරිදි ශ්‍රවන සහ කථන ආබාධ සහිත පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා ඊයේ (08) සවස අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීමට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර  නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් සිදු කළ සොයාබැලීමක දී අසල්වැසි නිවසක් ඉදිරිපිට කැපුම් තුවාල සහිතව බිම වැටී සිට තිබේ. පසුව නිවැසියන් විසින් ඔහු රෝහල්ගත කිරිමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

 මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම අවස්ථාවේ දී මත්පැන් පානය කර සිටි බව සඳහන්.

වාර්තා වන ආකාරයට සැකකරු විසින් ඝාතනයට ලක් වූ පුද්ගලයාගෙන් ණය මුදලක් ලබා ගෙන ඇති අතර මීට පෙර දිනක දී එය නැවත ඉල්ලූ අවස්ථාවේ මොවුන් දෙදෙනා අතර බහින්බස් වීමක් සිදු වූ බව ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ දියණිය පොලීසියට පවසා තිබේ.

 ඝාතනය සම්බන්ධයෙන් කළුතර – දකුණ පොලීසිය වැඩි දුර විමර්ශන කටයුතු පවත්වන අතර සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version