කොළඹ ගාලු මුවදොර අවන්හලක ඉන්දීය ජාතික කළමනාකරු ඉන්දීය ජාතික ප්‍රධාන අරක්කැමියාට ඊයේ (05)රාත්‍රියේ පිහියකින් ඇන ඝාතනය කර ඇති බව වාර්තා වේ.
සැකකරු සහ මියගිය පුද්ගලයා අතර පෙරේදා රාත්‍රියේ අවන්හල තුළ බහින් බස්වීමක් ඇති වී එය ගැටුමක් දක්වා දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අජේ කුමාර් නැමැති 29 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම ඝාතනය සිදු කළ සැකකාර කළමනාකරු ඝාතනයට යොදාගත් පිහිය සමග පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.
මේ පිළිබඳව කොටුව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සූරිය කුමාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වනු ලබයි.
