පිටිගල තල්ගස්පේ නිවසක් පිටුපස කෙසෙල් කොරටුවක් තුළ අභිරහස් ලෙස මියගිය තිදරු පියෙකුගේ මළ සිරුරක් අද (04) උදෑසන සොයා ගෙන ඇති බව වාර්තා වේ.
මරණකරු පොතුවිල්හේනේ පදිංචි පසාද් එගොඩගේ නැමැත්තෙක් බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය ප්‍රකාශ කරන්නේ අදාළ නිවස දෙසින් ඊයේ (03) රාත්‍රී කාලයේ මේ පුද්ගලයාගේ ඇසුනු කෑගැසීම සම්බන්ධයෙන් අසල්වාසීන් අද(4) උදේ සොයා බැලීමේදී ඔහු මිය ගොස් තිබූ බව දැක ඇති බවයි.
මොහු භාර්යාවගෙන් හා දරුවන්ගෙන් වෙන්ව නිවසේ තනිව ජීවත්ව ඇති අතර මේ පුද්ගලයා ඊයේ (3) මිය යන්නට ඇති බව පොලීසිය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.