කාලි කෝවිල පිටුපස නිවසේ අභිරහස් මරණයක්.

කෝපායි , ජී. පී. එස්. ක්‍රීඩා පිටිය අසල කාලි කෝවිල පිටුපස නිවෙසක පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට වාර්තා වේ .

මරණකරුට මොට්ට ආයුධයකින් පහර දීමක් කර ඇති බවට සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කෝපායි දකුණ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙක් වන අතර වැඩි දුර විමර්ශන කටයුතු කෝපායි පොලිසිය විසින් සිදු කරනු ලබයි .

Exit mobile version