මස්කෙළිය ග්ලැන්ටිල් තේ කර්මාන්තශාලාවේ සහකාර කර්මාන්තශාලා නිලධාරියෙකුගේ මළ සිරුරක් එම තේ කර්මාන්තශාලාව පිටුපස කාණුවක තිබී අද (22) සොයා ගත් බව වාර්තා වේ .
මෙම කර්මාන්තශාලාවේ සේවය කරන සේවකයන් අද (22) උදෑසන සේවයට පැමිණෙන විට අදළ මළ සිරුර දැක ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් මස්කෙළිය පොලිසිය වෙත දැනුම් දී තිබේ.
පසුව,මස්කෙළිය පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීෂණ ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත්වරයා දැනුවත් කර එම ස්ථානයේ පරීක්ෂණයක් පවත්වා මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත අදාළ මළ සිරුර පශ්චාත් මරණ පරීෂණයට හෝ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන බවත් , හැටන් පොලිස් අධිකාරී නිපුන දෙහිගම මහතාගේ උපදෙස් පරිදි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කරන බවත් සදහන් වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මස්කෙළිය ග්ලැන්ටිල් තේ කර්මාන්තශාලාවේ සහකාර කර්මාන්තශාලා නිලධාරියෙකු ලෙස කටයුතු කළ 52 හැවිරිදි සැමුවෙල් ව්න්සන් නැමැති තිදරු පියෙකි.
