කුඹුරුයායක නියරක් මත මුනින් අතට වැටී අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන ඇති බවට වාර්තා වේ.
ඊයේ (02) ඌරගස්මංහන්දිය පොලිස් වසමේ වීරජනපදයේ පෙර පාසලක් පිටුපස තිබී මෙම මළ සිරුර සොයාගත් අතර ,ඇය වැටී සිටි ස්ථානය අසල අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක් දක්නට ඇති අතර අනවසර විදුලි රැහැනේ ගැටීමෙන් මෙම කාන්තාව මිය යන්නට ඇති බවට පොලිසිය සැක කරනු ලබයි.
එසේ මියගොස් ඇත්තේ ,66 හැවිරිදි වල්ඉගුරුකැටිය, ඌරගස්මංහ ප්‍රදේශයේ පදිංචි කාරියක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබන බව සදහන්.