ඕස්ට්‍රේලියානු වෙරළට අද්භූත වස්තුවක්.

බටහිර ඕස්ට්‍රේලියානු වෙරළ තීරයට හඳුනානොගත් ගෝලාකාර වස්තුවක් ගොඩගසා ඇති බව වාර්තා වේ.

හඳුනානොගත් මෙම අත්භූතය දනවන වස්තුව නිසා යම් කැළඹීමක් එරට ජනතාව තුළ ඇති වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයට උතුරින් කිලෝමීටර් 250ක් (සැතපුම් 155ක්) පමණ දුරින් පිහිටි වෙරළ තීරයට මෙම යෝධ ලෝහ වස්තුව ගොඩගසා ඇති බව සදහන්.

මෙය යම් හෙයකින් අනතුරුදායක විය හැකි බැවින් සැලකිය යුතු දුරක් තබාගන්නා ලෙසට එරට පොලිසිය ජනතාවට නිවේදනය කර තිබේ.

ඒ අනුව එරට ප්‍රාන්ත සහ ෆෙඩරල් බලධාරීන් විසින් මෙය නිරීක්ෂණය කරමින් සිටින බව සඳහන් .

Exit mobile version