නිර්වස්ත්‍රව ලේ පැල්ලම් කිහිපයක් සහිතව කාමරයක් තුළ උඩුකුරුව වැටී සිටි කාන්තාවකගේ මළ සිරුරක් හංවැල්ල වැලිකන්න ඉහලවත්ත ප්‍රදේශයේ නිවසක තිබී අද (05) දින සොයා ගෙන තිබෙන බව වාර්තා වේ .
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලිස් නිළධාරීන් කණ්ඩායමක් ගොස් පරීක්ෂා කිරීමේදී මෙම මල සිරුර හමු වී තිබේ .
අදාල මරණය ඝාතනයක් හෝ සැකසහිත මරණයක් බවට සැක කළ හැකි සාක්ෂි පවතින බැවින් ඒ පිළිබඳව අපරාධ විමර්ශනය ඒකකය මගින් විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව හංවැල්ල පොලීසියේ උසස් නිළධාරියෙකු ප්‍රකාශ කරන ලදී .
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හංවැල්ල , වගවැළිකන්න , ඉහලවත්ත ප්‍රදේශයේ පදිංචි දන්ගල්ලගේ දෝන මාලනී නමැති 70 හැවිරිදි අවිවාහක අයෙකි.
