තුන්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක , ටැම්පිට විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විහාරස්ථානයට යන මාර්ගයේ සිවුරක් නොමැතිව , ගිහි ඇඳුමකින් සැරසී අපවත්ව සිටිය දී සොයා ගත් බව වාර්තා වේ.
මෙලෙස අපවත් වූ භික්ෂූන් වහන්සේගේ සිරුර අසල එළවළු මල්ලක් සහ ස්වාමීන් වහන්සේගේ අතේ ජංගම දුරකථනයක් තිබුණු බව සඳහන් වේ.
නමුත් මෙම මරණය සම්බන්ධයෙන් කිසියම් සැකයක් මතුව ඇතැයි පොලිසිය ප්‍රකාශ කර තිබේ.
