විදුලි වාහනවලට ජාතික ප්‍රතිපත්තියක්.

ශ්‍රී ලංකාවට අදාළ වන රථවාහන ප්‍රතිපත්තියක් මේ වන තුරු සකස් කර නැති බවත් රථවාහන ප්‍රතිපත්තිය සකස් කර, ඒ තුළ විදුලි වාහන ප්‍රතිපත්තිය සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ විදුලි සහ ඉලෙක්ට්‍රොනික කර්මාන්ත සංවර්ධන උපදේශක කමිටුවේ සාමාජික ගාමිණි රණසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

විදුලි වාහන ප්‍රතිපත්තිය සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය පනතක් බවට පත් කිරීම ඉදිරියේදී සිදු කරන බවට ඔහු සදහන් කර තිබේ.

ඒ අනුව කර්මාන්ත අමාත්‍යාංශය හා එක්ව විදුලි වාහන සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් එළිදැක්වීමට නියමිත බව සදහන්.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ අදාළ ප්‍රතිපත්තිය සකස් කිරීමෙන් පසු විදුලි වාහන එකලස් කිරීම,නිෂ්පාදනය සහ ආනයනය සම්බන්ධයෙන් පිරිවිතරයන් සහ අදාළ නිර්ණායකයන් තීරණය කරන බවයි.

Exit mobile version