ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නව වැඩපිළිවෙලක්.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, 2030 වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබාදීමට රජය තීරණය කර ඇති බවයි.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික අවබෝධය සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ව්‍යාපාරික රාමුව සකස් කිරීමට අවශ්‍ය සහාය ලෝක බැංකුව මඟින් විදුලිබල මණ්ඩලයට ලබාදෙමින් පවතින බව වාර්තා වේ.

ලෝක බැංකුවේ කලාපීය ජාලගත කිරීමේ වැඩපිළිවෙලේ අධ්‍යක්ෂ සෙසිල් ෆෘමන් සහ ලෝක බැංකුවේ මෙරට කළමණාකරු චියෝ කන්ඩා යන මහත්වරුන් සමඟ මේ සම්බන්ධයෙන් සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් කංචන විජේසේකර අමාත්‍යවරයා සාකච්ඡාවක් පවත්වා ඇති බව සදහන්.

Exit mobile version