ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියට අලුත් සභාපතිවරයෙක්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශ මත ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආචාර්‍ය බී. විජේරත්න  මහතා පත්කර ඇති බව වාර්තා වේ.

මොහු අස්වැසුම වැඩසටහනේ සභාපතිවරයා වශයෙන් කටයුතු කර ඇති අතර මීට දින කිහිපයකට පෙර එම තනතුරෙන් ඉල්ලා අස් වූ බව සදහන්.

එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් කොමසාරිස් ජනරාල් ධූරය හොබවා ඇති අතර ඉන් අනතුරුව අමාත්‍යාංශ රැසක ලේකම් ධූරය හොබවා තිබේ.

ආචාර්‍ය බී. විජේරත්න මහතා හෙට (07) දින වැඩ භාර ගැනීමට නියමිතව තිබේ.

Exit mobile version