ජයවර්ධනපුර රෝහලට නව සභාපතිවරයෙක් පත් කෙරේ.

ශ්‍රී ජයවර්ධන රෝහල් මණ්ඩලයේ නව සභපතිවරයා වශයෙන් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පත් කළ බව වාර්තා වේ.

මොහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ද , ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් ද , ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කර තිබෙන බව සඳහන් වේ.

Exit mobile version