ගාලු මුවදොර පිටියේ අලුත් වෙනසක්.

පසුගිය අරගල කාල සීමාව තුළදී ගාලු මුවදොර පිටියේ සිඳුව තිබූ දේපළ හානිය අලුත්වැඩියා කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාර ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 220ක් පමණ වැය කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව අප්‍රේල් මස 20 වන දායින් පසුව මහජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා සහ සුවිශේෂී ආගමික කටයුතු සඳහා පමණක් ගාලු මුවදොර පිටිය ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බවත් , ගාලු මුවදොර පිටියේ සුන්දරත්වයට හානි සිදුවන හෝ හානි කළ හැකි සංගීත සංදර්ශන , දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා අවසර ලබා නොදෙන බවත් සඳහන්.

Exit mobile version