දිවයිනට නව සිවිල් ගුවන් තොටුපොළක්.

හිඟුරන්කෙත ගුවන් හමුදා කඳවුර තුළ ඇති ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන් තොටුපොළක් ලෙස සංවර්ධනය කිරීම සඳහා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර ගුවන් හමුදාව මඟින් එහි පරිපාලන කටයුතු සහ මෙහෙයුම් කටයුතු මේ වන විට සිඳු කෙරෙමින් පවතින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී දැනට මීටර් 2287 ක දිගකින් යුතු ධාවන පථය මීටර් 2800 ක් පමණ දිගු කිරීම , මේ සඳහා පිවිසුම් මාර්ගයක් ඉදි කිරීම , ගුවන් නාවික මෙහෙයුම් පද්ධතියක් සැකසීම , ගුවන්‍ යානා අංගනයක් ඉදි කිරීම , ගුවන් පාලක කුළුනක් ඉදි කිරීම , මගී පර්‍යන්තයක් ඉදි කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

මෙම තීරණය මඟින් පොළොන්නරුව , අනුරාධපුරය , සීගිරිය , දඹුල්ල  වැනි නගර සඳහා පැමිණෙන විදෙස් සංචාරකයින් හට පහසුවක් වනු ඇති බව සඳහන්.

Exit mobile version