ලබන සතියේ සිට නව මරණ සහතිකයක්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකවලට අනුව සැකසුණු නව මරණ සහතිකයක් ලබන සතියේ සිට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවට සමස්ත ලංකා මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව යන ආයතන ඒකාබද්ධව එම මරණ සහතිකය සකස් කර ඇති බවට එම සංගමයේ සභාපති අනුර හේරත් සඳහන් කර තිබේ.

මෙතෙක් පැවති මරණයට හේතුව පමණක් සඳහන් කොට B-18 පෝරමය යටතේ නිකුත් කළ මරණ සහතිකය වෙනුවට නව මරණ සහතිකය තුළ මරණයට හේතුපාදක වූ කරුණු හතරක් යටතේ කරුණු 24 ක් එහි අඩංගු කිරීමට නියමිතය.

රෝගියාට ලබා දුන් වෛද්‍යමය තොරතුරු, රෝගියා පිළිබඳ විස්තර, ඥාතීන් පිළිබඳ විස්තරද ඒ අතර ඇතුළත් වන බව සදහන්.

Exit mobile version