පහ වසරේ ඉගෙනුම ලබන ලාබාල සිසුවියන් එකොළොස් දෙනකු පමණ ලිංගික අතවරයකට ලක් කළ බව කියන කුරුණෑගල නගරයේ ප්‍රධාන මිශ්‍ර පාසලක ඉංග්‍රීසි විෂයය උගන්වන ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
පොතුහැර ප්‍රදේශයේ පදිංචි පනස්පස් හැවිරිදි දෙදරු පියකු වන සැකකාර ගුරුවරයා සම්බන්ධයෙන් මව්පියන් පොලීසියට කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු තම විෂයය උගන්වන අවස්ථාවේදී පන්තියේ සිටින සිසුවියන්ට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වමින් සිසුවියන්ගේ ශරීරය අතපත ගාමින් මිරිකමින් රහස් පෙදෙස පවා අල්ලමින් ඔවුන් අතවරයට ලක් කර ඇති බව සඳහන්.
දිනපතාම සිදු කරන මෙම අතවර සම්බන්ධයෙන් ඊට ගොදුරුවූ සිසුවියන් නිවසේදී තම මාපියන්ට දැන්වීමෙන් පසුව ඔවුන් මේ සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර තිබේ.
