වයස අවුරුදු 18 – 20ත් අතර තරුණයන්ට පුහුණුවක් ලබා දී සිවුරු පොරවා දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීමේ සූක්ෂම වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කොට ඇති බවට රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ.
මෙසේ මහණ කරවන තරුණ පිරිස් උද්ඝෝෂණ, විරෝධතා, පෙළපාළි වැනි සටන්වල පළිහක් ලෙස යොදා ගන්නා බවත්, මේ වන විට පන්සියයකට ආසන්න පිරිසක් එසේ පුහුණු කර භික්ෂුන් වහන්සේලා ලෙස යොදා ගෙන ඇති බවට බුද්ධි අංශ රහස් වාර්තාවකින් රජයට තොරතුරු ලබා දී තිබෙන බවත් දැන ගන්නට ඇති බව සඳහන්.
බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති අන්දමට මෙම ක්‍රියාවලිය පිටුපස දේශපාලන පක්ෂයක් සිටින බවට ද තොරතුරු ලැබී තිබේ.
මේ හරහා අදාළ ක්‍රියාකාරීන් සිය දේශපාලන මත ව්‍යාප්ත කිරීම සඳහා ද වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවට අනාවරණය වන අතර, අදාළ අංශවල අවධානය ඒ සඳහා යොමු කළ යුතු බවට බුද්ධි අංශ රජය දැනුවත් කර ඇති බව වාර්තා වේ.
